The Condemned(2007) ජීවත් වීමට නම්, දිනන්න...


ඔන්න අද ඔයාලව හොයාගෙන ආවෙ තවත් අලුත් සිත්තමක් අරගෙන. අලුත් කිවුවට අලුත්ම නෑ, මොකද මේක 2007 අවුරුද්දෙ නිකුත් වුන එකක්. එත් මේක බලන්න වටින ගොඩක් ලස්සන සිත්තමක්. මොකද මේකෙන් සමාජය ඉදිරියෙදි මුහුන දෙන ගැටලුවක් නියමෙට පෙන්නල තියෙනව. මේව ඉතින් දැනටමත් නෑ කියන්න බෑ.

මේකෙ ජනප්‍රිය තාව ගැන කිවුවොත් මේකට IMDb එකේ 6.0 ක සාමාන්‍යක් ලැබිල තියෙනව. කොහොම උනත් නියමයි..ඔයාලත් බැලුවට පස්සෙ එහෙම කියනව ශුවර්.

සිත්තම දිග හැරෙන විදිහ ගැන කිවුවොත් එහෙම, මෙහෙමයි.
මේක එක්තරා විදිහකට ඩෙත් රේස් වගේ මොකද මේකෙත් සිරගෙදරක සිරකරුවන් අතර තරඟයක්. ඒත් මේකෙදි වෙන්නෙ සිරගෙවල් කීපයකම සිරකරුවන් (හොඳම ) එක තැනකට ගෙනල්ල සටන් කරන්න දැමීමක්. ඒක එකවිදිහකට ගේම් එකක් මොකද මේ අයව ගෙනත් දාන්නෙ දූපතකට. තමන්ගෙ ජීවිතය බේරගන්න ඔනෙනම් අනිත් ඔක්කොම අයව මරන්න ඕන. එහෙම නොකලොත් හැමෝටම වෙන්නෙත් මැරෙන්න, මොකද ඒ හැමෝගෙම කකුලෙ බෝම්බයක් සෙට් කරනව....කොහොමට තියේද නේද?. ඒවගේම මේක සජීවීව අන්තර්ජාලය හරහා පෙන්වනව ......ඒත් මේකෙ වීරය මේකට කැමති නැ. ඒත් මේකෙන් දිනන කෙනාට සම්පූර්න නිදහස ලැබෙනව... ඒක නිසා..................හම්මෝ ඔය ඇති... තැනින් තැනින් ටිකක් ඔය කිවුවෙ.. ඉතුරු ටික බලලම තේරුම් ගන්නකො..නැත්නම් කිසි ෆන් එකක් නෑනෙ.. නේද.....

මෙන්න එහෙනම් බාගන්න,



මේ ගැන ඔයාලගෙ අදහස් අපිට ලොකු හයියක්, ඉතින් පොඩි ෆිට් එකක් දීල යන්න අමතක කරන්න එපා..එහෙනම් ආයි හෙට තව අලුත් සිත්තමකින් හමුවෙමු.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..


0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha