Khaleja (2010) කෙල්ලන්ගෙන් පරිස්සම් වෙන්න..



ඔන්න දවස් දෙකකට පස්සෙ ලස්සන සිත්තමක් අරගෙන ඔයාල හොයගෙන ආව. දවස් දෙකක් මේ පැත්තෙ එන්න බැරි වුනාට තරහ නෑනෙ. අද ඔයාලට අරගෙන ආවෙ දමිල භාෂාවෙන් හැඩ වෙන සිත්තමක්. මේ සිත්තමට IMDb එකේ 7.0ක සාමාන්‍යක් හම්බවෙල තියෙනව. මේකනම් බලන්නම වටින සිත්තමක් මොකද අයියලාට අක්කල නිසා ලස්සනට කෙලවෙන හැටි නියමෙට තියෙනව. හැබැයි ඒ අක්කත් එක්කම තමයි ඒ අයියත් යාලු වෙන්නෙ ඒක නිසා කෙලවුනා කියන්නම බෑ. ඒක නිසා අක්කලාට එහෙමටම බනින්න බෑ නෙ...ආ........දැන් මේක කියවන්නෙ අක්ක කෙනෙක් නම් හිමීට...පරිස්සමට.....බිමට බැස්සනම් හොඳයි නෙ.....හහ්..හ්.

මෙන්න එහෙනම් සුපුරුදු විදිහට සිත්තමට පොඩි ගැම්මක්.
මේ කතාවෙ කොල්ල අපි වගේම තමයි, මොකද ඒ තරමටම ඉගෙන ගන්න හරී... කැමතියි. කොහොම හරි මෙයා කුලී රථ රියදුරෙක් වෙනව. මෙයාගෙ ජීවිතෙ සම්පූර්නයෙන්ම වෙනස් කරන්නෙ අර ඉස්සෙල්ලා කියපු අක්ක..ආ.ඒකනම් එල කොහොම වෙනස් කරනව ඇත්ද නේ...., හා..හා.. එක බලලම තීරනය කරන්න.. මොකද ඒවට හිනා නොවී හිටියොත් පුදුමයි..ඔය විදිහට සිත්තම දිග හැරෙනකොට මෙයාව දෙවි කෙනෙක් හැටියට සලකන ගමක් හමු වෙනව. ඒකනම් නියමයි මොකද මෙයාට ඔක්කොම මිනිස්සු වැඳගෙන ඉන්නෙ. ඒ ගමේ අයට භයානක ලෙඩක් පැතිරෙනව ඒක හොඳ කරගන්න උදවු බලාපොරොත්තු වෙන්නෙ මෙයාගෙන් කොහොමට තියෙයිද නේද?.,මෙයානම් කියන්නෙ මෙයා දන්නෙ ගහගන්නයි බැරි වුනොත් ගුටි කන්නයි විතරයි කියල..ම්..කොහොම හරි මෙයා ඒ මිනිස්සුන්ට උදවු කරයිද?....ඒ අයව ගලවා ගන්න මෙයාට පුලුවන් වේද?.....ඒක දැන ගන්න නම් බලන්නම වෙනව. මොකද තව කතාව කිවුවොත් වැඩක් නැති වෙනව..ආ....මට කියන්න අමතක උනා, මේ කතාවෙදි ලොරියක පොඩි සිද්දියක් වෙයි ඒක අනුව මේ දාල තියෙන මාතෘකාව කොච්චර දුරට ගැලපෙනවද කියල ආපහු සිත්තම පැත්තෙ ආපු වෙලාවක කියල යන්න අමතක කරන්න එපා.
මෙන්න එහෙනම් බාගෙනම බලන්න,



ඔයලගෙන් පොඩි අදහසක්වත් තියල යනවනම් කොච්චර දෙයක්ද..ඔන්න එහෙනම් අපි ගියා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..


1 ප්‍රතිචාර:

Uditha ® said...

Sub nadda film wala?

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t



 

සිත්තම Copyright © 2010 Premium Wordpress Themes | Website Templates | Blog Templates Designed by Lasantha