අද අපි සිත්තමෙන් ඔයලා හොයාගෙන ආවේ ටිකක් බයානක සිත්තමක් අරගෙන. මෙන්න සිත්තමෙන් අවවාදයක් තමන්ට මිනිස්සු අමු අමුවෙ මැරෙනව..,ලේ වගේ දේවල් දකින්න බැරිනම්...අනේ අපිට පවු පුරවන්නෙ නැතුව වෙන සිත්තමක් බැලුවයි කියල අපි තරහ නෑ. මොකද මේක බලලා ඔයාල හීනෙන් බය වුනොත් එහෙම මොන දෙයියන්ට කියන්නද?...හිහ්.. ..
ආ..හරි හරි මෙන්න එහෙනම් සිත්තමට පොඩි ගැම්මක්.මේ ටික කියවලම තීරනය කරන්නකො බලනවද? නැද්ද? කියල.
මේ සිත්තම පටන් ගැන්මෙදිම කොල්ලො කෙල්ලන්ගෙ ආදරේ පට්ට බොරුවක් කරල පටන්ගන්නෙ. (ආහ්..හැමෝගෙම නෙමේ හොදේ.....)මේක එක්තරා අකාරයකට ගෙතිල තියෙන්නෙ මානසික විකුර්තියක් ඇති මනුස්සයෙක් වටේ. එයා කරන්නෙ මිනිස්සු කීප දෙනෙක්ව උගුලකට හයි කරන එක. එතනදි ඒ අයගෙන් කෙනෙක් අනිත් අයගෙ ජීවිත වෙනුවෙන් ජීවිතය පූජා කල යුතුමයි. එහෙම නොවුනොත් හැමෝටම වෙන්නෙ දරුනු මරනයකට මුහුන දෙන්න. මේ සිත්තමේ වෙනස තියෙන්නෙ අන්න එතන. මොකද මැරෙන විදිහ අමු අමුවෙ පෙන්වනව..ටිකක් බයානකයි හැබයි ඒක දක්ෂ නිර්මාන කරුවෙක්ගෙ නිර්මානයක් විතරයි. ආ... මට කියන්න අමතක උනානෙ මේකට IMDb එකේ 5.5 ක වගේ සාමන්‍ය අගයක් ලැබිල තියෙන්නෙ. සමහර විට මම අර කියපු හේතු නිසා වෙන්න ඇති. එහෙම නතුව 2.50 එකක් නිසා නෙමෙයි කියල ඔයාලට බලනකොටම තේරෙයි. හ්ම්..හ්ම්..දැන් මම කිව්ව ඇතිනෙ. ඉතුරු ටික ඔයාලම බලන්නකො. මෙන්න....එහෙනම්....බාගන්න!.
හැම දාම වගේ ඔයාලගෙන් බලාපොරොත්තුව මේක ගැන වචන දෙක තුනක් විතරයි.., එහෙනම් අපි ගියාවෙ...........
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සිත්තම සතු වන අතර උපුටාගැනීම් සියල්ලම අපගේ අවසරය මතම සිදුවිය යුතුය..
3 ප්‍රතිචාර:
බාලම බලමු එහෙනම් ....
ela ela... keep it up guys......
ස්තුතී ඔබ දෙදෙනාටම!
Post a Comment